ගාල්ල රත්ගම ප්‍රදේශයේදී ඊයේ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ගාල්ල අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා බවටයි අනාවරණය වී ඇත්තේ.

ගාල්ල රත්ගම දිවිනිගොඩ ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම ඊයේ පස්වරු 5.30 ට පමණ සිදු කර ඇති අතර, වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු පොලිස් ස්ථානාධිපතවරයා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූ හිටපු අපරාධ අංශ ස්ථානාධිපතිවරයා රාජකාරීමය වරදක් හේතුවෙන් වසර දෙකහාමාරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇති අතර ඔහු මීට දින කිහිපයකට පෙර ඇප මත මුදාහැරි සිටි බවයි පොලිසිය සඳහන් කළේ.

WhatsApp Group

Skip to content