රට ස්ථාවර තත්වයකට පත් වන තුරු සියලු ජනතාවට යම් යම් කැපකිරීම් කිරීමට සිදුවන බව එක්සත් කල් වනිතා පෙරමුණේ සභාපතිනි ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය පවසනවා.

ඇය සඳහන් කරන්නේ ඉන්දන මිල ඉහල යන අවස්තාවලදී අනවශ්‍ය ගමන් බිමන් සිමා කරමින් ජනතාව රජයට සහය පල කල යුතු බවයි.

කොළඹ පවතී මාධ්‍ය හමුවකදී ඇය මෙම අදහස් පල කලා.

https://www.vnews.lk/storage/2023/09/SHANTHINI-KONGAHAGE-EDIT.mp3?_=1

මේ අතර කිව් ආර් ක්‍රමවේදය ඉවත් කිරිමට රජය ගත තීරණය සම්න්බන්දව ස්තුතිය පල කරන බවයි පිරවුම්හල් හිමිකරුවන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා සඳහන් කලේ.

එමෙන්ම විදෙස් ඉන්දන පිරවුම් හල මෙරට තුල ස්ථාපිත කිරීම හේතුවෙන් යලිත් වරක් පෝලිම් යුගයක් ඇති නොවන බවයි ඒ මහතා කියා සිටියේ.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පල කළා.

https://www.vnews.lk/storage/2023/09/KUMARA-RAJAPAKSHA-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content