ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍ර‍ව්‍ය ජාවාරම්කරුවකු වන ප්‍රියංකර නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන තිදෙනෙකු ඊයේ (10) දින සිදුකළ වැටලීමකදී බෙලිමුල්ලේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත්වී තිබෙනවා.

ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව තිබී කේරළ ගංජා කිලෝ 10යි ග්‍රෑම් 714ක්, බී.ඩි. කොළ කිලෝ 02 යි ග්‍රෑම් 499ක් හා මන්නා පිහියක්ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 19, 22 හා 53 වයසේ පසුවන අවිස්සාවේල්ල, පල්ලේවෙල හා කලගෙඩිහේන යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

WhatsApp Group

Skip to content