විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිවේදනයක් නිකුත්කොට තිබෙනවා.

ඒ විදේශ රැකියා සඳහා පිටත්ව යාමට අපේක්ෂා කරන දරුවන් සිටින කාන්තාවන් සඳහායි.

එම නිවේදනයේ දැක්වෙන්නේ අවුරුදු 2-18 අතර ළමුන් සිටින කාන්තාවන් විදේශ ගතවීමේදී අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් නිකුත් කරන ෘී4 ලේඛනය ඉදිරිපත් කළ යුතුය යන්නයි.

DS4 ලේඛනය නිකුත් කරනු ලබන්නේ කාන්තාවන්ට ඔවුන්ගේ රැකියා ඉල්ලුම්පත්‍ර ප්‍රදේශයේ ග්‍රාම සේවක නිලධාරියා සහ පිළිගත් නොතාරිස්වරයා විසින් සහතික කළ හැකි නම් පමණයි.

මීට අමතරව ඔවුන්ගේ දරුවන්ගේ ආරක්ෂාව සහ අධ්‍යාපන විධිවිධාන පිළිබඳ භාරකරුවන් විසින් සහතික කරන ලියකියවිලි ලබා දීමටද සිදුවන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

 

WhatsApp Group

Skip to content