අධිකරණ නියෝගය අනුව බන්ධනාගාර ගත කර සිටින සමගි ජන බලවේගය නියෝජනය කරන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය බැලීම සඳහා අද (07) දින එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඇතුළු පක්ෂ සාමාජිකයන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණියේය.

එහිදී බන්ධනාගාර ගතව සිටින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ සුවදුක් බැලීමෙන් අනතුරව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාඨලී චම්පික රණවක මහතා පවසා සිටියේ ඒ මහත්මිය හට අධිකරණයෙන් ලබාදුන් තීන්දුව පිළිබඳව කිසිදු විවේචනයක් නොමැති වුවත් රට තුළ ක්‍රියාත්මක වන දේශපාලන පාතාලයක් මගින් ඔවුන්ට අභියෝග කරන පුද්ගලයන් ඉලක්ක කර මඩ ප්‍රචාර හා වද හිංසා සිදුකරන බවයි.

WhatsApp Group

Skip to content