මෙරට ගම්මිරිස් වගාවේ මුල් ආශ්‍රිතව ව්‍යාප්ත වන දිලීර රෝගයක් පැතිර යාමේ අවදානමක් මේ වනවිට මතුව ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

ක්ෂණික කොළ මැළවීමේ රෝගය හා සෙමින් කොළ මැළවීමේ රෝගය යන දිලීර රෝග දෙක ගම්මිරිස් වගාවන්වල දක්නට ලැබෙන බවයි කෘෂි නිලධාරීන් පවසන්නේ.

ගම්මිරිස් වැල්වල මුල් පද්ධතිය ආශ්‍රිතව දිලීරය හට ගැනීම හේතුවෙන් මුල් කුණුවීම අවශ්‍ය නිසි ජලය හා පෝෂණය නොලැබී ගොස් ගම්මිරිස් වැල්වල කොළ මැලවී අවසානයේ වැල මුළුමනින්ම මැරී යාමේ තත්ත්වයක් පවතින බවද ඔවුන් පෙන්වා දෙනවා.

WhatsApp Group

Skip to content