හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනයට සිරගතව සිට නිදහස ලැබූ වී. ශ්‍රී හරන් නොහොත් මුරුගන් විසින් තමාට එංගලන්තයට යාමට අවශ්‍ය ගුවන් ගමන් ලේඛන ලබාගැනීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලා මදුරාසි මහාධිකරණයේ පෙත්සමක් ගොනුකර තිබේ.

එහිදී ඔහු අවසර ඉල්ලා ඇත්තේ චෙන්නායි නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලේට් කාර්යාලයට ගොස් තම ගුවන් ගමන් ලේඛන සාදා ගැනීමට සහ එංගලන්තයට යෑම සඳහා වීසා ලබාගැනීමට අදාළ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වීමට අවසර දෙන ලෙසයි.

ඔහුගේ අරමුණ වන්නේ එංගලන්තයට ගොස් එහි සරණාගතභාවය සඳහා ඉල්ලුම් කිරීම බව වාර්තා වනවා.

WhatsApp Group

Skip to content