අනුරාධපුර අටමස්ථානාධිපති  නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමියන් විසින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ  රජරට සේවය සම්මා පාරමිතා පදනමට පවරා දෙන ලෙසයි.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව යටතේ ඇති සියළු ප්‍රාදේශීය සහ ප්‍රජා ගුවන් විදුලි සේවාවන් හි මෙහෙයුම් කටයුතු මැයි මස 31 වනදා මැදියම් රැයෙන් පසු අවසන් කිරීමට රජය පසුගියදා තීරණය කළා.

එම සංස්ථාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මේ බව සියළු නාලිකා වෙත  ලිඛිතව දැනුම් දී තිබෙනවා.

පවතින මුල්‍ය අර්බුදයට විසඳුමක් ලෙස මෙන්ම ගුවන් විදුලි සංස්ථාවේ වියදම් තවදුරටත් පාලනය කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content