රජය වී මිලදි ගැනීම ආරම්භ කළද වී මිල ඉහළ ගොස් ඇති බව වී අලෙවී මණ්ඩලය පවසයි.

එහි සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා සඳහන් කළේ පෞද්ගලික වෙළෙදුන් මණ්ඩලය නියමකළ මිලට වඩා වැඩියෙන් වී මිලදි ගන්නා බවයි.

ඒ හේතුවෙන් ගබඩා විවෘත කළ ද ගොවීන් වී අලෙවී මණ්ඩලයට තම අස්වැන්න ලබා දීමේ අඩුවක් පවතින බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

මේ අතර යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වෙත සහනදායී පොලී අනුපාතයක් යටතේ ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබෙනවා.

මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසිනුයි මෙම පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව එය සැප්තැම්බර් 1 වනදා සිට නොවැම්බර් 30 වනදා දක්වා ක්‍රියාත්මක වනු ඇති.

දෛනිකව ඇඹරුම් ධාරිතාව මෙටි්‍රක් ටොන් 25 ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් සහිත වලංගු ව්‍යාපාර ලියාපදිංචියක් හිමි වී මෝල් හිමියන් වෙත මෙම ණය මුදල ලබාගැනීමේ හැකියාව පවතිනවා.

එක් එක් වී මෝල් හිමියෙකු සඳහා 100 ට 16 ක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ රුපියල් මිලියන 50 ක උපරිමයකට යටත්ව මෙම ණය මුදල ලබාගත හැකිවනවා.

එමෙන්ම ඉන් සියයට 12 ක පොලී අනුපාතයක් වී මෝල් හිමියන් විසින් දැරිය යුතු අතර ඉතිරි සියයට 4 පොලී සහනාධාරයක් ලෙස ලබා දෙනවා.

WhatsApp Group

Skip to content