රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අද උදෑසන 8 සිට හෙට උදෑසන 8 දක්වා දිවයින පුරා රජයේ රෝහල් වල සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

එම සංගමයේ සභාපති තුෂාර රණදේව මහතා සඳහන් කළේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් 23 දෙනෙකු මාරු කිරීමට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි.

මේ හේතුවෙන් රජයේ රෝහල් තුල ඖෂධ නිකුත් කිරීමේ කටයුතුවලට බාධා සිදුවිය හැකි බව ඔහු කියා සිටියා.

 

WhatsApp Group

Skip to content