සී ටී ස්කෑන් යන්ත්‍ර ඇතුඵ පරීක්ෂණ රැසක් සිදු කිරීමට අදාළ යන්ත්‍රයන් රජයේ රෝහල් පද්ධතිය තුළ තවදුරටත් අක්‍රීය වී ඇති බව වාර්තා වනවා.

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පැවසුවේ ඇතැම් සී ටී ස්කෑන් යන්ත්‍ර දැනට මාස කිහිපයක සිට අක්‍රිය වී ඇති බවයි.

මේ හේතුවෙන් රෝගීන් දැඩි පීඩාවට පත්ව ඇති බව ද එම සංගමය චෝදනා කළා.

මේ අතර කුලියාපිටිය සහ ගල්ගමුව රෝහල්වල, වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දුකරණයට අවශ්‍ය යන්ත්‍ර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා.

එහිදි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/07/DAYASIRI-JAYESEKARA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content