මෙරට රෝහල් 8 කට වැඩි ප්‍රමාණයක විකිරණ පරික්ෂණ සේවාවන් අඩාල වී ඇති බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදින්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසනවා.

රජයේ රෝහල් පද්ධතිය තුළ පවතින පරිපුරක වෛද්‍ය සේවාවට අයත් නිලධාරින්ගේ හිඟය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි ඔවුන් පවසන්නේ.

එහි ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ පසුගිය රජය සමයේ පරිපූරක වෛද්‍ය සේවාවට අවශ්‍ය නිලධාරින් බදවා ගැනීම නතර කිරිම හේතුවෙන් සී.ටී ස්කෑනර්, එම්.ආර්.අයි ස්කෑනර් සහ හෘද කැතීටර්කරණ ඒකකයන්වල පරීක්ෂණ රැසක් ද සිදුකිරීම මේ වන විට ගැටළු සහගත වි ඇති බවයි.

WhatsApp Group

Skip to content