රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගන්නා රෝගීන් සඳහා වැයවන වියදම සඳහන් බිල් පතක් නිකුත් කිරීමට යෝජනා වී තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ඉදිරිපත් කල එම යෝජනාවාට සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා යහපත් ප්‍රතිචාර දක්වා ඇති බවයි වාර්තා වන්නේ.

රාජ්‍ය අමාත්‍යරයා මෙම යෝජනාව සිදුකර ඇත්තේ පාර්ලිමේන්තුවේ දී පැවති රාජ්‍ය ගිණුම්කාරක සභාවේදීයි.

එමෙන්ම එහිදී අදහස් පළ කර ඇති සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසා ඇත්තේ ප්‍රතිපත්තියක් ලෙස රජය එය තීරණය කරනවා නම් එය ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ඇති බවයි.

රෝගීන් සඳහා විශාල මුදලක් රජය වැය කරන බැවින් ගෙවීම කෙසේ වෙතත් ඒ සඳහා වන වියදම සඳහන් බිල් පතක් ලබාදිය යුතු බවත් හැකියාවක් ඇති අය එය ගෙවුනු ඇති බවත් මෙහිදී රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ප්‍රකාශ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content