රජයේ රෝහල්වල බාහිර රෝගී අංශවලින් ප්‍රතිකාර ගන්නා රෝගීන් සංඛ්‍යාව 25% කින් ඉහළ ගොස් තිබෙනවා .

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ , පවතින ආර්ථික අර්බුදය හා ඖෂධ මිල ගණන් ඉහළ යාම හමුවේ වැඩි වශයෙන් රෝගීන් රජයේ රෝහල් වෙත යොමු වන බවයි.

බාහිර රෝගී අංශය සහ සායනවලට පැමිණෙන්නන් මෙලෙස ඉහළ ගොස් ඇති බව වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ .

මේ අතර, ආයුර්වේද රෝහල්වල ද බාහිර රෝගී අංශවල වැඩි රෝගීන් පිරිසක් සිටින බව ද වෛද්‍ය සමන් රත්නායක මහතා කියාසිටියා .

WhatsApp Group

Skip to content