රජයේ බදු ආදායම වසරේ මුල් මාස 6 තුළ සියයට 93 කින් ඉහළ ගොස් ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.

එම කාලය තුළ රුපියල් බිලියන 361 යි දශම 8 ක් වූ රජයේ බදු ආදායම මෙම වසරේ එම කාලසීමාව තුළ රුපියල් බිලියන 696 යි දශම 9 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම වසරේ මුල් මාස 6 තුළ වැඩිම බදු ආදායම සමාගම් සහ සමාගම් නොවන ආයතන මගින් උපයා තිබෙනවා.

එම මුදල රුපියල් බිලියන 243 යි දශම 8 ක් ලෙසයි දැක්වෙන්නේ.

එමෙන්ම රුපියල් බිලියන 230 යි දශම 6 ක මුදල එකතු කළ අගය මත පැනවූ බදු ලෙස අයකරගෙන තිබෙනවා.

මේ අතර වසරේ මුල් මාස 6 තුළ ඔට්ටු සහ සූදු බදු ලෙස අයකරගෙන ඇති මුදල රුපියල් බිලියන 2 යි දශම 5 ක්.

WhatsApp Group

Skip to content