රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල ෆේස්බුක් පිටුවට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ ඊයේ පස්වරුවේ සිට අදාළ ගිණුමේ ග්‍රහණය හැකර්වරුන් අතට පත්ව ඇති බවයි.

මේ වන විට ඊට අදාළ නීතිමය කටයුතු සහ තාක්ෂණික කටයුතු සිදුකරමින් සිටින බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළා.

රජයේ නිල තොරතුරු හා ප්‍රවෘත්ති අදාළ ගිණුමේ ඇතුළත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content