හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ආණ්ඩුවේ පෞද්ගලීකරණ වැඩපිළිවෙළ පිලිබඳ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
සිය නිවේදනය මගින් හිටපු ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේ ආණ්ඩුවේ පෞද්ගලීකරණ වැඩපිළිවෙළ ඉදිරි ජනාධිපතිවරණය අවසන් වනතුරු කල් දමන ලෙසයි.
වත්මන් ආණ්ඩුව අන්තර්කාලීන රජයක් බවත්, මැතිවරණ‍යකින් අනතුරුව බලයට පත්වන පාර්ශ්වයට රාජ්‍ය වත්කම් සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය පැවරිය යුතු බවත් හිටපු ජනාධිපතිවරයා සිය නිවේදනය මගින් පෙන්වා දෙනවා.

තව ද තමා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ වසර නවයකට අධික කාලය තුළ රජය සතු කිසිදු දේපොලක් නොවිකුණූ බවයි ඒ මහතා අවධාරණය කරන්නේ.
පෙර ආණ්ඩු විසින් විකුණා දමා තිබූ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලංකා හොස්පිට්ල්ස් වැනි ආයතන කිහිපයක් නැවත රජයට පවරා ගැනිමට තමන් කටයුතු කල බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ.

WhatsApp Group

Skip to content