පළාත් පාලන ආයතන අධීක්ෂණය සඳහා ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත් කිරීමට රජය ගත් තීරණයට විරුද්ධ බව මැතිවරණ කොමිසම පවසනවා.

දේශපාලන පක්ෂයක නියෝජිතයෙකු  පත් කිරීම මගින් පළාත් පාලන ආයතනවල කටයුතු දේශපාලනීකරණය වනු ඇති බවයි මැතිවරණ කොමිසම පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් වන අපේක්ෂකයින්ට අසාධාරණයක් සිදුවන බව ද මැතිවරණ කොමිසම සඳහන් කළා.

ඒ පිළිබද මේ වන විටත් මැතිවරණ කොමිසමට පැමිණිලි ලැබී තිබෙනවා.

මේ අතර පළාත් පාලන ආයතන සදහා විශේෂ නියෝජිතයින් පත් කිරීමේ තීරණයට එරෙහිව සමගි ජන බලවේගය පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ද ගොනු කළා.

WhatsApp Group

Skip to content