අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතාගේ දේහය කඩවත පිහිටි ඔහුගේ නිවසට රැගෙනවිත් තිබෙනවා.

බෙරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබූ දේහය ඊයේ රාත්‍රියේ නිවසට රැගෙන ඒමටයි කටයුතු කර තිබුණේ.

ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට දිනයේදී සිදු කිරීමට නියමිතයි.

රිය අනතුරකට ලක්ව මාස 14 ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඒ මහතා ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර පසුගිය 9 වන දා අභාවප්‍රාප්ත වුණා.

අනතුරුව දේහය කොළඹ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කළ අතර දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා කලාකරුවන්, විද්වතුන්, දේශපාලනඥයින් සහ මහා සංඝරත්නය ඇතු`ඵ ආගමික නායකයන් මෙන්ම ජැක්සන් ඇන්තනී මහතාගේ ප්‍රේක්ෂකයින් ද පැමිණ තිබුණා.

මේ අතර අද සහ හෙට යන දෙදින තුළ කඩවත පිහිටි ඒ මහතාගේ නිවසේදී මහජනතාවට දේහය සදහා අවසන් ගෞරව දැක්වීමට හැකි අතර හෙට සවස 3 ට රාගම ශුද්ධ වූ පේදුරු පාවුලු දේවස්ථානයේදී දේහය පිළිබද අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content