යුක්රේන යුද්ධය හේතුවෙන් උද්ගත වූ බලශක්ති අර්බුදය යුරෝපයේ රටවල් රැසක ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කර තිබෙනවා.

මේ වන විට යුරෝපයේ රටවල් රැසක ආර්ථිකය දැඩි ලෙස බිද වැටී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

මේ අතර ජර්මනියේ උද්ධමනය පාලනය කිරීමට සහ පාරිභෝගික භාණ්ඩ මිල ස්ථාවර මට්ටමක රදවා ගැනීම සදහා එරට රජයට යූරෝ බිලියන 270කට වැඩි මුදලක් වැය කිරීමට සිදුව තිබෙනවා.

එමෙන්ම ඉතාලිය, ප්‍රංශය සහ බි්‍රතාන්‍ය ද බලශක්ති අර්බුදය විසදීම සදහා යූරෝ බිලියන 150කට වඩා වැය කර ඇති බව සදහන්.

මේ අතර ජර්මනියේ ඉන්ධන මිල දැඩි ලෙස ඉහළ ගොස් තිබෙන අතර බි්‍රතාන්‍යයද විදුලි බිල්පත් ස්ථාවර ගාස්තුව ඉහළ දැමීමට අයවැයෙන් යෝජනා කර තිබෙනවා.

WhatsApp Group

Skip to content