ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරින් 314 දෙනෙකු සහ සෙසු නිලයන්ට අයත් 1565 දෙනෙකු ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කර තිබෙනවා.

යුද හමුදාවේ 74 වැනි සංවත්සර දිනය නිමිති කරගනිමිනුයි මෙම උසස්වීම් ලබා දී ඇත්තේ.

ඒ වෙනුවෙන් යුද හමුදා මූලස්ථානය විසින් වැඩසටහන් කිහිපයක් සංවිධානය කර ඇති අතර සම්මාන පෙළපාලියක් ද අද දිනයේදි පනාගොඩ යුද හමුදා කඳවුරේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද සදහන්.

WhatsApp Group

Skip to content