ඊශ්‍රායලයේ පවතින වාතාවරණය හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නොමැති බව ඊශ්‍රායාලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා.

ඊශ්‍රායලයේ උතුරු පෙදෙසට එල්ලවන හමාස් සහ හිස්බුල්ලා සංවිධානයේ ප්‍රහාරයන් ස්වයංක්‍රීය ආරක්ෂණ පද්ධතිය මගින් ගුවනේදිම විනාශ කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම, ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ තත්ත්වය නිරතුරුව තමා අධීක්ෂණය කරන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

WhatsApp Group

Skip to content