ජාත්‍යන්තර අපරාධ අධිකරණය තවත් ඉහළ පෙළේ රුසියානු නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබෙනවා.

රුසියාවේ හිටපු ආරක්ෂක අමාත්‍ය සර්ගෙයි ෂොයිගු හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වැලරි ජිරාසිමොව් අත්අඩංගුවට ගැනීමටයි මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත්තේ.

රුසියාව, යුක්‍රේනයේ සිදුකරන යුද මෙහෙයුම් අතරතුරදී අදාළ නිලධාරීන් දෙදෙනා යුද අපරාධ හා මානුෂි්‍යත්වයට එරෙහි අපරාධ සිදුකර ඇති බවට ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විනිසුරුවන් පවසනවා.

WhatsApp Group

Skip to content