යුද ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ අවතැන් වූ පලස්තීන වැසියන් ගණන මිලියන 2 කට ආසන්න බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

එය ගාසා තීරයේ ජීවත් වන සමස්ත ජනගහනයෙන් සියයට 80 ක ප්‍රතිශතයක් බවයි ජගත් සංවිධානය සඳහන් කළේ.

පසුගිය දිනවල ඇති වූ යුද ගැටුම් හමුවේ තවත් මිලියනයක පමණ පිරිසක් අවතැන්ව ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

ප්‍රහාර එල්ල වූ ප්‍රදේශවලට ආහාර නොලැබීම හේතුවෙන් අවතැන් වූ පිරිස් වෙත ආහාර, ඖෂධ සහ නවාතැන් පහසුකම් සපයා ගැනීමට දැඩි අර්බුදකාරි තත්ත්වයකට පත්ව තිබෙනවා.

WhatsApp Group

Skip to content