වයඹදිග රුසියාවේ ස්කෝව් නගරයේ පිහිටි ගුවන් තොටුපොළකට යුක්රේනය විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මෙම ප්‍රහාරයත් සමග ගුවන් තොටුපොළේ විශාල ගින්නක් හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙහිදී ප්‍රහාරය හේතුවෙන් ගුවන් තොටුපොළේ නවතා තිබූ ගුවන් යානා 4ක් විනාශයට පත්ව තිබෙනවා.

යුක්රේනය විසින් මෙතෙක් මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කළ බවට ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

 

WhatsApp Group

Skip to content