යුක්තිය මෙහෙයුමේදී ගතවූ පැය 24 ක කාලය තුළ සැකකරුවන් 2296 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන්ගෙන් 109 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත විමර්ශන සිදු කරන බවයි මහජන ආරක්ෂක අමාත්‍යංශය සදහන් කළේ.

එමෙන්ම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශයේ ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි 218 දෙනෙකු මෙම වැටලීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි මෙම මෙහෙයුම ක්‍රියාත්මක වනවා.

කෙසේ වෙතත් ඕමල්පේ සෝභිත හිමියන් චෝදනා කරන්නේ ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශවලට නොහැකි වී ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/12/SOBITHA-HIMI-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content