යාපනය සිට වවුනියාව දක්වා ගමන් ගන්නා යාල්රාණී දුම්රියේ ගැටීමෙන් තවත් අනතුරක් සිදුව තිබෙනවා.

දුම්රියේ ගැටීමෙන් අලිමංකඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඊයේ ජීවිතක්ෂයට පත්වු බවයි අප වාර්තාකරු සදහන් කළේ.

දින හතරක් තුළ යාල්රාණි දුම්රියේ ගැටීමෙන් අනතුරු 4ක් වාර්තා තිබෙනවා.

යාල්රාණී දුම්රිය පමණක් උතුරු දුම්රිය මාර්ගයේ ගමන් කිරීම හේතුවෙන් දුම්රිය ගේට්ටු නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවට ජනතාව චෝදනා කරනවා.

මේ පිළිබද අවධානය යොමු කරන ලෙසයි එම ප්‍රදේශයේ ජනතාව දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින්නේ.

WhatsApp Group

Skip to content