යාපනය සිට කොළඹ බලා ධාවනය ආරම්භ කර තිබූ සුඛෝපභෝගී බස් රථයක් අද අලුයම ගිනිගෙන විනාශ වී තිබෙනවා.

මදුරන්කුලිය කරිකට්ටිට ප්‍රදේශයේදීම මෙලෙස බස් රථය ගිනිගෙන විනාශ වීනාශ වී ඇත.

බස් රථය ගිනිගන්නා අවස්ථාවේදී එම රථයේ සියලු ආසනවල මගීන් සිට ඇතිමුත් ඉන් කිසිවෙකුටත් හානියක් සිදුව නැති බව සඳහන්.

ගින්න පිළිබඳව සැලවීමත් සමඟ පුත්තලම නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය හා පාලවිය ගුවන් හමුදා ගිනි නිවිමේ ඒකක පැමින ගින්න පාලනය කිරීමට සමත්වුවද ඒ වනවිටත් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වෙනවා.

ගිනි ගැනීමට ලක්වූ බස් රථයේ සිටි මගීන් වෙනත් බස් රථයකින් කොළඹ ගමන් කිරීමට අවශ්‍ය කටයුතු යොදා තිබෙන අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මදුරන්කුලිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

WhatsApp Group

Skip to content