යාපනය ශික්ෂණ රෝහල තුළ හෙදියන්ට සහ අනෙකුත් සියලුම සේවකයින්ට සේවා කාලය තුළදී ජංගම දුරකථන භාවිත කිරීම උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ නියෝගයක් මත තහනම් කර තිබෙනවා.

උණ රෝගය සදහා ප්‍රතිකාර ලබා ගැනීමට යාපනය ශික්ෂණ රෝහලට පැමිණි දැරියකගේ අතක් කපා ඉවත් කිරීමට සිදු වූයේ අදාළ දැරිය ඇතුළත් කළ වාට්ටුවේ හෙදියකගේ නොසැලකිලිමත්කම හේතුවෙන් බවට කරුණු අනාවරණය වීමත් සමග මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

මෙම හෙදියට එරෙහිව සාක්ෂි ලබා දී ඇති බොහෝ රෝගීන් පවසා ඇත්තේ එම හෙදිය සිය ජංගම දුරකථනය සමග කටයුතු කිරීමට දවසේ වැඩි කාලයක් යොදා ගන්නා බවයි.

මේ හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලේ හෙදියන් ඇතුඵ කාර්ය මණ්ඩලයට සේවා කාලය තුළ දී ජංගම දුරකථන භාවිතය තහනම් කර තිබෙනවා.

මේ අතර ඉදිරියේදී උතුරු පළාතේ සියලුම රෝහල්වල හෙදියන් අතුඵ කාර්ය මණ්ඩලවලට, අදාළ නීතිය ගෙන එනු ඇති බවටයි උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේ.

WhatsApp Group

Skip to content