ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, නයිනතිව් දූපතේ වල්ලික්කාඩු වෙරළ ප්‍රදේශයේ 2024 ඔක්තෝබර් මස 24 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 2.065 ක පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.      

ඒ අනුව, උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය මඟින් 2024 ඔක්තෝබර් මස 24 වන දින සවස් කාලයේ යාපනය, නයිනතිව් දූපතේ වල්ලික්කාඩු වෙරළ තීරයේ විශේෂ සෝදිසි මෙහෙයුමක්‍ සිදු කෙරිණි. එහිදී එම වෙරළ තීරයේ වලදමා තිබූ සැක කටයුතු පාර්සලයක් (01) පරීක්‍ෂා කිරීමේදී කේරළ ගංජා කිලෝ දෙකයි (02) ග්‍රෑම් හැට පහක (65) පමණ තොගයක් (තෙත බර සහිත) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.         

නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් ලක්‍ෂ අටකට (08) අධික වෙතැයි විශ්වාස කෙරෙන අතර, එම කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා නයිනතිව් පොලිස් මුරපොල වෙත භාරදීමට කටයුතු කෙරිණි.

WhatsApp Group

Skip to content