2010-2015 අතර කාලයේ ඉදිකිරීම් ඇරඹූ යාපනය ජනාධිපති මන්දිර පරිශ්‍රය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට බදු දීමට රජය තීරණය කර තිබෙනවා.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී මෙම තීරණයට එළඹ ඇති බව සදහන්.

කන්කසන්තුරේ පිහිටි මෙම මන්දිර පරිශ්‍රයට අක්කර 29 ක භූමියක් අයත් වන අතර එයින් අක්කර 12ක ගොඩනැගිලි සංකීර්ණ පිහිටා තිබෙනවා.

ඉතිරි ප්‍රමාණය ප්‍රදේශයේ ජනතාවගෙන් පවරා ගනු ලැබූ ඉඩම් වන බව සදහන් . ඒ අනුව රජයට අයත් අක්කර 12ක ප්‍රමාණය මුලින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට බදු දීමට තීරණය කර තිබෙනවා.

දැනට මෙම ඉඩම නාවික හමුදා භාරයේ පවතිනවා .

WhatsApp Group

Skip to content