යාපනය විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් හා අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විරෝධතාවයක
නිරත වුනා.

විරෝධතාවයට එක්වූවන් පැවසූවේ ජනාධිපතිවරයාගේ යාපනය සංචාරයට
විරෝධතාවය පළ කරමින් තමන් විරෝධතාවයේ නිරතවු බවයි.

උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් හා අතුරුදහන්වූවන්ගේ ගැටළුව
වෙනුවෙන් ස්ථිර විසදුමක් ලබාදිය යුතු බවට විරෝධතාකරුවන් ඉල්ලීම් කලා .

යාපනය අරසඩි මංසන්ධිය ප්‍රදේශයේදී විරෝධතාකරුවන්ට ඉදිරියට යාමට ආරක්ෂක අංශ
අවසර ලබා නොදීම හේතුවෙන් උණුසුම් තත්වයක්ද ඇති වුනා .

තත්ත්වය පාලනය කිරීමට ජල ප්‍රහාර එල්ල කිරීමද පොලිසිය කටයුතු කළා .

 

WhatsApp Group

Skip to content