යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයක් පුරා ඇස් රෝගයක් පැතිර යමින් පවතින බව අනාවරණය වනවා.

එම රෝගයට වැඩි වශයෙන්ම ගොදුරු වී ඇත්තේ පාසල් ළමුන් බව සඳහන්.

ඒ අනුව යාපනයේ වලිකාමම්, වඩමාරච්චි යන ප්‍රදේශවලින් මෙම ඇස් රෝගය වැළදුණු පාසල් සිසුන් 68 දෙනෙකු වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

මේ දිනවල යාපනය පුරා පවතින අධික සුළං සහිත තත්ත්වය හේතුවෙන් සුළග සමග පැමිණ ඇති විෂ බීජයකින් මෙම රෝගය පැතිර යන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

WhatsApp Group

Skip to content