යාපනයේ ප්‍රදේශයේ නිවසක සගවා තිබූ ආයුධ තොගයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පොලීසියට ලැබුණු රහසිගත තොරතුරක් මත එම නිවස වටලා පරීක්ෂා කළ අවස්ථාවේදී මෙම ආයුධ හමු වූ බවයි වාර්තා වන්නේ.
එම නිවස වටලන අවස්ථාවේ එම නිවසේ අයිතිකරු නිවසින් පලාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
කිසියම් අපරාධයක් සිදු කිරීම සඳහා මෙම ආයුධ තොගය එම නිවසේ සගවා තබන්නට ඇතැයි විශ්වාස කරන බවයි පොලිසියි සඳහන් කළේ.

WhatsApp Group

Skip to content