යාපනය,නාවන්තුරෙයි ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ දෙපිරිසක් අතරවු ගැටුමක් හේතුවෙන් ප්‍රදේශයේ නොසන්සුන්තාවයක් ගෙන තිබෙනවා.
පොලිසිය පැවසූවේ පසුගිය 16 වැනිදා පැවැත්වු පාපන්දු තරඟයක් අතර හටගත් ගැටුමක් දුරදිග යාමෙන් ප්‍රදේශයේ කණ්ඩායම් දෙකක් අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි.
ගැටුම පාලනය කිරීමට පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් කැඳවා තිබු අතර, පසුව ගැටුම පාලනය කිරීමට කටයුතු කළ බව පොලීසිය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

WhatsApp Group

Skip to content