මොසැම්බික් හි උතුරු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ යාත්‍රාවක් ගිලී යාමෙන් පුද්ගලයින් 90 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

යාත්‍රාවේ සිටි බවට විශ්වාස කෙරෙන 130 දෙනෙකුගෙන් පස් දෙනෙකු පමණ මේ වන විට බේරාගෙන ඇති බවයි නාම්පුලා පළාතේ නිලධාරීන් පවසන්නේ.

මියගිය අය අතර කුඩා දරුවන් රැසක් ද සිටින බවයි නාම්පුලා රාජ්‍ය ලේකම්වරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ.

එහිදී ඔහු සඳහන් කර සිටියේ තදබදය හේතුවෙන් යාත්‍රාව දියේ ගිලී ඇති බවයි.

WhatsApp Group

Skip to content