වියට්නාමයට බලපෑ යාගි සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ නායයෑම් සහ ජල ගැලීම් නිසා මියගිය සංඛ්‍යාව 250 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ විශාල පිරිසක් නායයෑම් සහ ගං වතුර හේතුවෙන් අතුරුදන්ව ඇති බවයි.

මීට දින කිහිපයකට පෙර වියට්නාමයේ ඊසානදිග වෙරළ තීරයට පැයට කිලෝමීටර 230 කට අධික වේගයකින් කඩා වැදුණු මෙම සුළිකුණාටුව හේතුවෙන් 820 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබුණා.

WhatsApp Group

Skip to content