යාගි සුළි කුණාටුව හේතුවෙන් වියට්නාමයේ පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

මේ වසරේ ආසියානු මහද්වීපයට බලපෑ දරුණුතම සුළි කුණාටුව මෙය වන අතර ඒ හේතුවෙන් උතුරු වියට්නාමයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ එරට ප්‍රාන්ත 12 ක පාසල් වසා දමා ඇති අතර වෙරළ ආශ්‍රිත කලාපයෙන් පනස් දහසක අධික පිරිසක් ඉවත් කර ඇති බවයි.

යාගි සුළි කුණාටුව පළමුව චීනයට කඩා වැදුණු අතර ඉන් පුද්ගලයින් 24 දෙනෙකු මිය ගියා.

WhatsApp Group

Skip to content