තෛපොංගල් දින උත්සවයට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරතව සිට තම නිවාසවලට පැමිණි වතුකරයේ ජනතාවට ආපසු රැකියා ස්ථාන කරා යාමට හැටන් බස් නැවතුම්පොලින් ප්‍රමාණවත් ලංගම සහ පෞද්ගලික බස් රථ නොමැති විමෙන් අද (18) එම ජනතාව බස් නැවතුම්පොලේ දිගු පොලිම් වල රැදි සිටින ආකාරයක් දක්නට ලැබුණා.

තෛපොංගල් දින උත්සවය සඳහා පසුගිය දින කිහිපය තුල විශාල පිරිසක් හැටන්, බගවන්තලාව, මස්කෙලිය, නල්ලතන්නිය, කොටගල, තලවකැලේ, ආගරපතන සහ ඩයගම යන ප්‍රදේශවල පිහිටි තම පදිංචි ස්ථාන වෙත පැමිණ සිටි අතර, එම පිරිස පෞද්ගලික සහ ලංගම බස් රථ වලින් පැමිණ තිබුණා.

තෛපොංගල් දින උත්සවය අවසන් වි එම පිරිස ඊයේ (17) දින සිට ආපසු රැකියා ස්ථාන කරා යාමට හැටන් බස් නැවතුම්පොලට පැමිණ සිටියත්, එම පිරිසට කොළඹ දක්වා යාමට ලංගම සහ පෞද්ගලික බස් රථ නොමැති විමෙන් මෙම ගැටළුව මතු වි තිබුණා.

අප මේ සම්බන්ධයෙන් හැටන් ලංගම ඩිපෝවේ කලමණාකාරු ඩබ්ලිව්.ජි.ජේ.කේ. කිර්තිරත්න මහතාගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ ඊයේ (17) දින සිට හැටන් ලංගම ඩිපොව මගින් කොළඹ දක්වා ධාවනයට ලංගම බස් රථ 22 ක් පමණ යොදවා ඇති බවයි.

ඊට අමතරව වෙනත් ඩිපෝවලින් හැටන් බස් නැවතුම්පොල දක්වා පැමිණෙන බස් රථවලින්ද එම ජනතාව කොළඹ දක්වා ප්‍රවාහනය කරන බවත්, තෛපොංගල් දිනයට වතුකරයට පැමිණි එම පිරිස එකවරම කොළඹ දක්වා යාමට පැමිණිමත් සමග මෙම ගැටළුව මතු වි ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.

WhatsApp Group

Skip to content