පේරාදෙණිය, යහලතැන්න ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයකු මිය ගොස් 37 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
මහනුවර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වැඳපුදා ගැනීමට, පන්ඩලුඔය ප්‍රදේශයේ සිට බැතිමතුන් පිරිසක් ගෙන යමින් සිටි බස්රතයකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.
අදාළ බස් රථය කාර්මික දෝෂයකට ලක් වී මාර්ගයෙන් ඉවතට පැන, ගසක හැපීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හාල්පොළ, පුඩළුඔය ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිදි පුද්ගලයෙක්.

පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

WhatsApp Group

Skip to content