යල කන්නයේ වී වගාවට අවශ්‍ය බන්ඩි පොහොර මිලදී ගැනීම සඳහා ගොවි ගිණුම්වලට අද සිට මුදල් බැර කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් හෙක්ටයාර් එකකට රුපියල් 15,000 බැගින් මුදල් බැර කිරීමට නියමිතයි.

වී වගාව සඳහා බන්ඩි පොහොර යෙදීම පසුගිය කන්න කිහිපයේදී අවම වූ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

වී කරල් ශක්තිමත් වීම සඳහා මෙන්ම වී ඇට පරිපූර්ණ වීම සඳහා බන්ඩි පොහොර භාවිතා කිරීමය අනිවාර්ය බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙනවා.

WhatsApp Group

Skip to content