යතුරු පැදි සහ පාපැදි සොරකම්වලට සම්බන්ධ පුද්ගලයෙකු දෙහිවල, සිරිසඝ බෝ පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙහිවල ප්‍රදේශයේ යතුරු පැදි සොරකමක් සම්බන්ධව සිදු කළ විමර්ශනයකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරු විවිධ ප්‍රදේශ වලින් සොරකම් කරන ලද පාපැදි 11ක් පොලීසිය විසින් සොයාගෙන ඇති අතර, මොහුට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු 4ක්ද නිකුත් කර තිබෙනවා.

මෙම පුද්ගලයා අද ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content