මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා ලබා ගන්නා සේවාවන් අද දිනයේ සිට ඩිජිටල් ක්‍රමවේදයකට සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද  දිනයේ  සිට දිවයිනේ පිහිටි ඕනෑම මෝටර් රථ ප්‍රවාහන  දෙපාර්තමේන්තු කාර්යාලකින් සේවාවන් ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක්

කලින් වෙන්කර ගැනීම අනිවාර්ය බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සදහන් කළේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සදහන් කළේ ඒ සඳහා ස්වයංක්‍රීය දුරකථන අංකයක් හා වෙබ් අඩවියක් හඳුන්වා දි ඇති බවයි.

ඒ අනුව 011 2 117 116 යන දුරකථන අංකය හරහා මෙන්ම  www.dmtappointments.dmt.gov.lk  යන වෙබ් අඩවිය හරහා මෝටර් රථ  ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීමේ හැකියාව පවතිනවා.

 

WhatsApp Group

Skip to content