නිවිතිගල ප්‍රදේශයේදී රියදුරෙකුට පහරදී රුපියල් ලක්ෂ 55ක් වටිනා මෝටර් රථයක් සහ රුපියල්  71 ක් දහසක් වටිනා දේපළ සොරා ගැනීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ, පසුගිය ජනවාරි 27 වැනිදා මෙම කොල්ලකෑම සිදුකර ඇති බවය.

සැකකරුවන් දෙදෙනෙකු රත්නපුර සහ කඩුවෙල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සොරා ගන්නා ලද මෝටර් රථය කොටස් කර අලෙවි කිරීමට සුදානම් කර තිබියදී තවත් සැකකරුවෙකු මැල්සිරිපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවා .

අත්අඩංගුවට ගත් සැකකරුවන් 25, 26 හා 37 හැවිරිදි කඩුවෙල, රත්නපුර සහ මැල්සිරිපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතය.

WhatsApp Group

Skip to content