ඇඹිලිපිටිය ගල්වංගුව ප්‍රදේශයේ දී බීමත් පුද්ගලයෙක් පැදවූ මෝටර් රථයක් වාහන 5ක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුරින් තවත් පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙහිදී මෙම මෝටර් රථය, ත්‍රිරෝද රථ 3ක, යතුරුපැදියක සහ තවත් මෝටර් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවද පොලීසිය සඳහන් කළා.

අනතුරින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා 73 හැවිරිදි කොළඹගේ ආර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.

බීමතින් රිය පැදවූ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවටගෙන ගත් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

WhatsApp Group

Skip to content