රුසියාවේ මොස්කව් අගනුවර ප්‍රසංග ශාලාවක් ඉලක්ක කරගනිමින් පසුගිය දා එල්ල වූ ප්‍රහාරයට ඉස්ලාමීය අන්තවාදි කණ්ඩායම් සම්බන්ධ බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පවසනවා.

අදාළ ප්‍රහාරය ඉස්ලාමීය අන්තවාදින් සිදු කළ බවට රුසියානු ජනාධිපතිවරයා විසින් සිදු කළ ප්‍රථම ප්‍රකාශය මෙය බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

එමෙන්ම ප්‍රහාරය සදහා යුකරේනයේ ද කිසියම් සම්බන්ධයක් ඇති බවට පුටින් ජනාධිපතිවරයා චෝදනා කර තිබුණා.

අදාළ ප්‍රහාරයෙන් පුද්ගලයින් 137 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබූ අතර 200 කට ආසන්න පිරිසක් තුවාල ලැබුවා.

එමෙන්ම ප්‍රහාරය සම්බන්ධයෙන් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ප්‍රධාන තුවක්කුකරුවන් සිව් දෙනාට අධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමටයි පියවර ගැනුණේ.

WhatsApp Group

Skip to content