පුද්ගලයින් 137 දෙනෙකුට මරු කැඳවමින් රුසියාවේ මොස්කව් ප්‍රසංග ශාලාවකට ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් සිව් දෙනාට මිනීමැරුම් හා ත්‍රස්ත චෝදනා ගොනුකරමින් අධිකරණයට ඉදිරපත් කර තිබෙනවා.

මේ අනුව මොවුන් සිව් දෙනාට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් හිමිවිය හැකි බවයි මොස්කව් දිස්ත්‍රික් අධිකරණයක් උපුටා දක්වමින් විදෙස් වාර්තා සදහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් සිව්දෙනෙකුට එරෙහිව මෙලෙස අධිචෝදනා ගොනුකර තිබෙනවා.

මේ අනුව ඔවුන් එරට අධිකරණයක් හමුවට ඉදිරිපත් කර ඇති අතර මැයි මස 22 වන දා දක්වා සැකකරුවන් රඳවා තබාගැනීමට නියෝග කර ඇති බව සදහන්.

WhatsApp Group

Skip to content