කාම්බෝජයේ හෙට දිනයේදී පැවැත්වෙන මහ මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා ජාත්‍යන්තර නිරීක්ෂකයෙකු වශයෙන් මෙරට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්වීමට නියමිතයි.

ලෝක සාම සමුළුවේ ආරාධනයකට අනුව ඊයේ ඔහු කාම්බෝජය බලා පිටත්ව ගියා.

හිටපු ජනාධිපතිවරයා එහි පැවැත්වෙන මහ මැතිවරණයේ නිරීක්ෂකයෙකු ලෙස ද ඊට එක් වන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැවසුවේ.

තෙදිනක් පුරා කාම්බෝජයේ නොම්පෙන්හිදී පැවැත්වෙන ජාත්‍යන්තර නායකත්ව සමුළුව සඳහා ද හිටපු ජනාධිපතිවරයා සහභාගි වනු ඇති .

WhatsApp Group

Skip to content