තමා ජනාධිපති ධුරය දැරූ සමයේ පදිංචිව සිටි කොළඹ, පැජට් පාරේ පිහිටි නිවස සම්බන්ධයෙන් අසත්‍ය පුවත් පළ කරන ලද පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තමා සූදානම් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරනවා.

අදාළ නිවස සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවක් ලබාදීමට වසර 2 හමාරකට පෙර තමා එම නිවසෙන් පැමිණි බව අද (07) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා කියා සිටියා.

එම නිවස තමා ලබා ගත්තේ ඇමතිවරයෙකුගෙන් බවත් පසුව එය පිළිසකර කර තමා එහි ජීවත් වූ බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් කියා සිටියා.

WhatsApp Group

Skip to content