ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහයක් අවශ්‍ය නොවන බව සමගි ජන බලවේගය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම් මරික්කාර් මහතා නිවේදනයක් නුකුත් කරමින් සදහන් කළේ මෛත්‍රිපාල සිරිසේන මහතා සමග සන්ධාන ගතවීමට ද අවශ්‍යතාවක් නොමැති බවයි.

මෛත්‍රිපාල සිරිසේන මහතා සමගි ජන සන්ධානය සමග එක්වන බවට පළවන මාධ්‍ය වාර්තා සාවද්‍ය බව ද ඔහු අවධාරණය කළා.

ආණ්ඩුවට හිතවාදි පාර්ශව විසින් මෙවැනි සාවද්‍ය පුවත් නිර්මාණය කරමින් සිටින බවට ද එස්.එම් මරික්කාර් මහතා චෝදනා කරනවා.

WhatsApp Group

Skip to content